" සුභාවිත " ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල 2023.
2023 ප්‍රාදේශිය සාහිත්‍ය උලෙළ සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙවර ඉතා උත්කර්ෂවත් අයුරින් 2023/09/07 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. සාහිත්‍යවේදි ලහිරු කිතලගම මහතාගේ සුභාවිත ගීතය පිළිබඳ රසවත් ගීත විචාර වැඩසටහන සමගින් නර්තන අංගයන්ගෙන්ද වැඩසටහන හැඩ විය.සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කළ උත්සවය සඳහා සෙවනගල ප්‍රාදේශිය ලේකම් තුමන්, සහකාර ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් , විදුහල්පති වරුන්, ගුරු භවතුන් හා දූදරුවන්, ප්‍රාදේශිය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, කලාකරුවන්, අනුග්‍රාහක භවතුන් ඇතුළු ප්‍රදේශ වාසීන් බොහොමයක් වැඩසටහනට සහභාගී විය. මෙම උත්සවයට සමගාමීව පැවැත් වූ සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රධානය සිදු විය.



















