2570 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සඟසතු දානමය මහා පිංකම.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන්ගේ මූලිකත්වයෙන්, බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මහගම සාසනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2026/05/27 වන දින මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් සිදු කරන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ මෙම පිංකම සඳහා මහා සංඝරත්නය වැඩමවා දහවල් දානය සඟසතු කොට පූජා කර, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කොට වියෝවූ නිලධාරීන් හා දැනට සේවයේ නියුතු නිලධාරීන්ගේ වියෝවූ ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම හා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හට සෙත් පැතීමද සිදු කරන ලදි.







වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන 2026
2570 වන සම්බුද්ධත්ව ජසන්තියට සමගාමීව මෙවර සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2026.06.03 වන දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම කර්තව්‍යය මගින් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව සඳහා අවශ්‍ය රුධිරය ලබාදීම සිදු විය. මොනරාගල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය තුමිය , හෙද නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් විසින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමේ කටයුතු සිදුකරන ලදි. කාර්යාල නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී රුධිර පරිත්‍යාගශීලීන් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් හට සමරු තිලිණ පිරිනැමීම ද සිදුකරන ලදි.















































