"තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන "

කෘෂි කර්මාන්තය වෙත උනන්දුවක් දක්වන මෙරට තරුණ ප්රජාව ජාතික නිෂ්පාදනයේ කොටස්කරුවන් බවට පත් කරමින් මෙරට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ මූලික අරමුණින් " තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන " මොනරාගල දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනුනු එකම ග්‍රාම නිළධාරී වසම වන සෙවනගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නුගේගලයාය ග්‍රාම නිළධාරී වසමට අදාල ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ.පී ජගත් පුෂ්ප කුමාර මැතිතුමා ,අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා ,මොනරාගල දිස්ත්‍රික් කමිටු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස් .බී. රත්නායක මැතිතුමා සහ සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023.09.18 වන දින ආරම්භ කරන ලදි.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහි කිරීම,නවීන කෘෂි තාක්ෂණික උපක්‍රම හා මෙවලම් ග්‍රාමිය ප්‍රදේශ වෙත හඳුන්වාදෙමින් තරුණ කෘෂි ව්‍යවසායකයින් කෘෂි බෝග නිෂ්පාදනය හා අපනයනය වෙත යොමු කිරීම, සත්ව පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ කිරිම හා නව රැකිය අවස්ථා උත්පාදනය කිරීම තුලින් ආර්ථික වශයෙන් ශක්තිමත් තරුණ කෘෂි ප්‍රජාවක් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අරමුණු වේ.
මෙම වැඩසටහන යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් කෘෂි මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත ය. එමෙන්ම අනෙකුත් ආයතන මගින් අතිරේක බෝග වගාව,පහත රට එලවලු වගාව,කුරක්කන් වගාව,බිම්මල් වගාව,ගෙවතුවගා සංවර්ධනය ,සත්ව පාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ලබා දීමට ද සැලසුම් කර ඇත.
මෙහි සමාරම්භක අදියර සඳහා සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශය ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ,හදබිම අධිකාරිය ,පොල් සංවර්ධන අධිකාරිය ,පොල් වගා කිරීමේ මණ්ඩලය,සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව ,කෘෂි අංශ නවීකරණය ව්යාපෘතිය ,SAP ආයතනය යන ආයතන මගින් මෙම ප්‍රදේශයේ ගොවි ප්‍රජාවගේ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය කෘෂි උපකරණ ,බීජ කට්ටල, පැල වර්ග හා කුකුල් පැටවුන් බෙදා දීම ද මෙදින සිදුකරන ලදි.
380339754 633107355576194 5272526520608536046 n
380220763 633107592242837 6899895826181259303 n
380337538 633107568909506 947632783050824293 n
381142603 633107908909472 890417039379284845 n
 
Scroll To Top