" සුභාවිත " ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2024.
2024 ප්‍රාදේශීය සාහිත්‍ය උලෙළ සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් 2024/11/19 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
සාහිත්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිත, සම්මානනීය ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ සුභාවිත ගීතය පිළිබඳ රසවත් ගීත විචාර වැඩසටහන ආරම්භය දිනුක් රංග කලායතනයේ නර්තන ශිල්පීන්ගේ නර්තන අංගයන්ගෙන්ද හැඩ විය. විසන්ත සංජීව මහතා ප්රමුඛ සංගීත කණ්ඩායම සමග ධනුෂ්ක ලක්මාල්,ශිරෝමි ලක්ෂිකා සහ එරන්දික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ගීත ගායනයෙන් සුභාවිත 2024 රසවත් කළා. මාධ්‍යවේදී රුවන් ජානක ගමගේ මහතා නිවේදනයෙන් වැඩසටහන හැඩ කළා.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කළ උත්සවය සඳහා සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, විදුහල්පති වරුන්, ගුරු භවතුන් හා දූදරුවන්, ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, කලාකරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් බොහොමයක් සහභාගී විය.
ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලක හිතවතුන්, Craft tunnel අධිපති අජිත් පෙරේරා මහතා, ජනකාන්ත ට්‍රැවල්ස් විදේශ රැකියා සමාගම ඇතුළු අනුග්රහක භවතුන් වැඩසටහන සඳහා මූල්‍ය ශක්තිය සපයන ලදි.
මෙම උත්සවයට සමගාමීව පැවැත් වූ ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානයද මෙහිදී සිදු විය.





















