දේශීය ආහාර ප්‍රවර්ධන සහ ආයුර්වේද ප්‍රදර්ශනය - 2024
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ උපදෙස් පරිදි සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ මග පෙන්වීම යටතේ කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය මගින් සංවිධානය කළ "දේශීය ආහාර ප්‍රවර්ධන සහ ආයුර්වේද ප්‍රදර්ශනය - 2024" 2024.11.22 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාර භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදි.
සාම්ප්‍රදායික දේශීය ආහාර වර්ග පිළිබඳ ප්‍රදර්ශන කුටි, ආහාර සංරක්ෂණ ක්‍රම, දේශීය ආයුර්වේද වෛද්‍ය හා රූපලාවන්‍ය සායන, දේශීය ඔසුපැන් දන්සල, දැනුවත් කිරීමේ වැඩසටහන්, දේශීය පාරම්පරික ආහාර සැකසුම් ප්‍රදර්ශන තරඟ අතුළු අළෙවි කුටි වලින් ප්‍රදර්ශනය සමන්විත විය.
පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, උක් පර්යේෂණ ආයතනය, කැතිරිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානය, සෙවනගල ආයුර්වේද රෝහල හා ප්‍රජා සෞඛ්‍ය ඒකකය, කුඩා ව්‍යාපාර හා ව්‍යවසායාක සංවර්ධන අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, සෙවනගල සංරක්ෂණ සභාව, පශු සම්පත් හා අපනයන සංවර්ධන අංශය, වැඩිහිටි ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අතුළු ආයතන රාශියක් මෙම වැඩසටහන සඳහා අත්වැල් බැඳගන්නා ලදි.
සෙවනගල කොට්ඨාසයේ පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.



















