වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන 2025
සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2025.02.28 වන දින සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන ලදි. සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම කර්තව්යය මගින් මොනරාගල දිස්ත්රික් රෝහලේ රුධිර බැංකුව සඳහා අවශ්ය රුධිරය ලබාදීම සිදු විය. මොනරාගල දිස්ත්රික් රෝහලේ වෛද්ය තුමන්, හෙද නිලධාරි මහත්මීන් ඇතුළු අනෙකුත් සෞඛ්ය කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් විසින් රුධිර පරිත්යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමේ කටයුතු සිදුකරන ලදි. කාර්යාල නිලධාරීන්, ප්රදේශයේ රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු ප්රදේශවාසී රුධිර පරිත්යාගශීලීන් රුධිරය පරිත්යාග කිරීමට ඉදිරිපත්ව සිටි අතර රුධිර පරිත්යාගශීලීන් හට සමරු තිලිණ පිරිනැමීම ද සිදුකරන ලදි.


















