"සොඳුරු සංස්කෘතික දරුවා" ළමා කතන්දර පොත් නිර්මාණ කරන වැඩමුළුව.
ඌව පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම යටතේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කළ "සොඳුරු සංස්කෘතික දරුවා" ළමා කතන්දර පොත් නිර්මාණ කරන වැඩමුළුව පසුගියදා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. සංස්කෘතික කටයුතු සංවර්ධන නිලධාරී ධනංජය බස්නාගොඩ, චිත්‍ර ගුරු දර්ශන ඡායා යන මහත්වරු සම්පත් දායකත්වය ලබා දුන් අතර කොට්ඨාසයේ පාසල් බොහොමයක පාසල් දරු දැරියන් වැඩසටහන සඳහා සහභාගී විය.



















