ආපදා සහන සේවා වැඩසටහන - සෙවනගල
සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැති තුමන්ගේ මග පෙන්වීම හා සෘජු මැදිහත් වීම සමගින් සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ආපදා සහන සේවා කමිටුව, මහා සංඝරත්නය ප්රමුඛ කොට්ඨාසයේ බෞද්ධ විහාරස්ථාන හා ස්වේච්ඡා සංවිධාන එක්ව ආරම්භ කළ රට තුල ඇති වූ දරුණු ආපදා තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ අපේම සහෝදර ජනතාව සඳහා ද්රව්යමය ආධාර ලබා දීමේ වැඩසටහන සඳහා කොට්ඨාසයේ පරිත්යාගශීලී ජනතාවගෙන් 2025/12/01 දින විශාල භාණ්ඩ ප්රමාණයක් ලැබුණි. ඒ අනුව, බදුල්ල දිස්ත්රික්කයේ මහියංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූ ජනතාව වෙත ලබා දීම සඳහා ප්රථම භාණ්ඩ තොගය 2025/12/02 දින මහියංගනය ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීමට කටයුතු කරන ලදි . මෙම කර්තව්යය සාර්ථක කරගැනීම සඳහා අප කොට්ඨාසයේ ආදරණීය ජනතාව නන් අයුරින් ලබා දෙන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කආපදා සහන සේවා වැඩසටහන - සෙවනගල























