"රිදී තීරයේ ගීතාලංකාර ගොමුව"
පෑල දිග සඳ - 2026
සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද "පෑලදිග සඳ " ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස 2026 පෙබරවාරි මස 13 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මීට වසර හයකට පෙර පොඩි පැදුරු සාජ්ජයක් ලෙස ආරම්භ කරන ලද පෑල දිග සඳ දැවැන්ත වේදිකාවක ගෙනහැර පාන්නට ප්‍රාදේශීය ලේකම් තුමා විශාල ශක්තියක් විය. මොහොතකට රාජකාරි පරිසරයෙන් මිදී කාර්යාලයේ නිලධාරීන්ගේ ගායන, නර්තන හැකියාවන් විදහා පාන්නට තෝතැන්නක් විවර කර දෙමින් මෙම ප්‍රසංගය මෙවර "රිදී තීරයේ ගීතාලංකාර ගොමුව" මැයෙන් චිත්‍රපට ගීතයෙන් රසගැන්විණි. ප්‍රාදේශීයලේකම් තුමන්ගේ පූර්ණ මගපෙන්වීමෙන් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කළ ප්‍රසංගය විරන්ත සංජීව ප්රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් රස ගැන්වුණු අතර DJ Michi ආලෝකකරණයෙන් වර්ණවත් විය. ප්‍රසංගය සාර්ථක කර ගනීමට නන් අයුරින් සහය දුන් සැමට ස්තූතිය පුදකරමු.















































