"දැය නංවන සපිරි ගමක්" ප්රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්යාපෘතියෙහි ගම්මානය එළිදැක්වීමේ මොණරාගල දිස්ත්රික්කයේ නිල දිස්ත්රික් වැඩසටහන සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හබරුගල වසමේ, රන්වැලිගම ගම්මානයේදී 2026.03.16 දින සාර්ථකව පවත්වන ලදි. මොනරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්ය අමාත්ය ආර්.එම්. ජයවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ වැඩසටහන සඳහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නය, සෙවනගල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, මොනරාගල දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මැතිතුමිය, තණමල්විල ප්රාදේශීය සභාවේ ගරු සභාපති සී.එච්.ඒ.සී.සී. කුමාර මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන්, මොනරාගල මහ දිසාපති ඒ.ජී. නිශාන්ත මැතිතුමා, සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැතිතුමා ඇතුළුව විවිධ රාජ්ය ආයතන නියෝජනය කරමින් සපැමිණි රාජ්ය නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්රදේශවාසී ජනතාව සහභාගී විය. මොනරාගල දිස්ත්රික් ලේකම් තුමන්ගේ උපදෙස් පරිදි සෙවනගල ප්රාදේශීය ලේකම් තුමන්ගේ නිරන්තර මගපෙන්වීම යටතේ සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශය හා කාර්යාලයේ නිලධාරීන් එක්ව උත්සවය සංවිධානය කරන ලදි.

 

 

 

 

Scroll To Top