දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩිහිටි දින සැමරුම් උළෙල 
"වැඩිහිටියන්ට උපහාරයක්… අත්දැකීම්වලට ගෞරවයක්… සෙනෙහසින් පිරි සැමරුමක්… "වැඩිහිටියන් යනු අපේ අතීතයේ උරුමයයි… වර්තමානයේ ආශීර්වාදයයි… අනාගතයට මඟ පෙන්වන ජීවමාන පහන් ටැඹයි!
වැඩිහිටියන්ගේ ජීවිත අත්දැකීම්වලට ගෞරවය පුද කරමින්, ඔවුන්ගේ අභිමානය හා මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව , ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය , සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සෙවනගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එකව සංවිධානය කළ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩිහිටි දින සැමරුම් උළෙල 2026.10.14 දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී  සාර්ථකව පවත්වන ලදී. වැඩිහිටියන්ගේ සතුට, සෙනෙහස සහ සහෝදරත්වය මූලික කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා තණමල්විල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහේෂ් බණ්ඩාර මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් යමුනා බන්ධුල මහත්මිය, ගණකාධිකාරීතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්තුමිය, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීතුමිය, සෙවනගල ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරීතුමිය, සෙවනගල ආයුර්වේද රෝහලේ වෛද්‍ය නිලධාරීතුමිය, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ගාමිණී විජේකෝන් මහතා, සෙවනගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ වටිනා සහභාගීත්වය ලැබිණි.

WhatsApp Image 2026 10 19 at 4.49.35 PM

WhatsApp Image 2026 10 19 at 4.50.33 PM

WhatsApp Image 2026 10 19 at 4.49.53 PM

News & Events

19
அக்2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top