වර්ෂ 2018 -2019 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජාමුල බැංකු 01කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2305 කි.
ඒ අනුව සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 236,744.50/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 247,496/- ක්ද, ධීවර හා සත්ත්ව පාලනය සඳහා රු. 45000/- ක් මුදලක් වෙන් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 4ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම අලෙවි කුටි 04ක් ලබා දි ඇත. කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
දිරිය පියස නිවාස වැඩසටහන යටතේ සමෘද්ධිලාහින් සඳහා නිවාස 04ක් ඉදිකරන ලදි.
නිවාස ලොතරැයි වැඩසටහන යටතේ ත්‍යාග මුදල් ලබා දී නිවාස 10 ඉදිකිරිම් කටයුතු සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලදි.
සමෘද්ධි ප්‍රතිලාභින් සවිබල ගැන්විමේ වැඩසටහන යටතේ තෝරාගන්නාලද ව්‍යාපෘතිලාභින් සදහා අවශ්‍ය උපකරණ 16 ක් ලබා දෙන ලදි.ඒවා අතර වඩු මැෂින් ,ශිතකරණ,තණකොළ කපන මැෂින් හා මහන මැෂින් වෙි.
2019 සදහා දිරිය පියස නිවාස වැඩසටහන හා නිවාස ලොතරැයි වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.
| බැංකු සංගමයේ නම | සමෘද්ධි ප්‍රජා මුල බැංකුව |
| මුළු ඉතිරි කිරිම් | 54,406,806 .00 |
| මුළු ණය දිම් | 420,245,153.00 |
| සමෘද්ධි සමිති සංඛ්‍යාව | 58 |
| බැංකු සංගමයේ ණය ව්‍යාපෘති සංඛ්‍යාව | 12704 |
| සාර්ථක ණය ව්‍යාපෘති සංඛ්‍යාව | 12548 |














