අපගේ දැක්ම

අසිරිමත් දේශයක් උදෙසා කාර්යක්ෂම,සඵලදායි විශිෂ්ඨ රාජ්‍ය සේවයක් ලබා දෙමින් ජනතා තෘප්තිය උපරිම කිරිම.

අපගේ මෙහෙවර

පුළුල් ජනතා සහභාගිත්වයත්,ප්‍රශස්ත සම්පත් භාවිතයත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව  කොට්ඨාසයේ ජනතාවගේ ජිවන තත්වය නඟා සිටුවිමට උරදෙන තිරසාර සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිම හා සේවා සැපයිම.

ආයතනයේ විකාශනය

සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රථමයෙන් පිහිට වුයේ සෙවනගල  සීනී සමාගමට අයත් ගබඩා සංකීර්ණ ගොඩනැගිල්ලකය. තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබු වසම් 14 ක් ඇතුළත් කර සෙවනගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය නමින් නව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් 1999-03-31 වන දින ස්ථාපිත කරන ලදි. ප්‍රථමයෙන් ප්‍රාදේශිය ලේකම්වරයකු නොවු අතර තණමල්විල ප්‍රාදේශිය ලේකම් සරත්චන්ද්‍ර සිරිවිතාරන මහතා වැඩබැලීමට පත්කොට තිබුණි. මෙහි ආරම්භක කාර්ය මණ්ඩලය ලෙස ලිපිකරුවන් දෙදෙනෙකු විය.

සෙවනගල සීනි සමාගමට අයත්  ගබඩා සංකීර්ණ ගොඩනැගිල්ලක් තුල වු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, එවකට ප්‍රාදේශිය ලේකම් සිටි කේ.ඒ.ජේ. ප්‍රේමලාල් මහතා විසින් ඩංඩුම හන්දිය සිට සෙවනගල සීනි සමාගමට යන පාරේ මීටර් 25 ක් දුරින් පිහිටි ගොඩනැගිල්ලේ 2005-04-06 දින විවෘත කරන ලදි.

1999 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
සරත්චන්ද්‍ර සිරිවිතාරන මහතා 1999 2000
කේ.ඒ.ජේ. ප්‍රේමලාල් මහතා 2000 2006
දයානන්ද දිසානායක මහතා 2006 2010
චන්දන ලොකුහේවගේ මහතා 2010 2018
කේ.එච්.ඒ.කැළුම් නිශාන්ත මයා  2018 2019
ආර්.බ්.එන්.එන්.ප්‍රියශාන්ත මයා 2019  
Scroll To Top