තොරතුරු වලට අනුගත විම සදහා අනුගමනය කල යුතු පටිපාටිය
පනත -2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින අංක 2004/66 දරණ අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරීය - ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතනය
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරීයා වෙත RTII දරණ අයදුම්පත්‍රය මඟින් අයඳුම් කළ හැකිය.මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
|
තොරතුරු නිලධාරි |
![]() |
|
පි.එම්.වයි.එච්. බන්දුල මිය |
|
සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
දුරකථන : 0472280067 |
| විද්‍යුත් තැපැල This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු ලබා ගැනිම සදහා ඉල්ලුම් කිරිම
තොරතුරු ලබා ගැනිමේ ඉල්ලුම් පත්‍රය
නම් කල නිලධාරියා වෙත යවනු ලබන අභියාචනා ඉල්ලුම්පත
- තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 1 අයදුම්පත්‍රෙය් හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරීයා වෙත ඉදිරිපත් කර , එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
- ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයීය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මණින් , හෝ කෙසේ වුවද දින 14 ක් ඇතුළත දන්වා එවනු ලැබේ.
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට ලබා දීමට තීරණය කළහොත් ඒ සඳහා කොමිෂන් සභාව විසින් නියම කරන ලද ගාස්තුවක් ගෙවිය යුතු නම් , ඒ පිළිබඳ දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීම සඳහා ගෙවීමක් කල යුතු නම් ඒ ගාස්තුව ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාසුතු රහිතව ඔබට දින 14 ක් තුල තොරතුරු ලබාදෙනු ඇත.
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු නම්, තොරතුරු නිලධාරීයා විසින් එකී කාලය දිර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාල සීමාවක් තුළ ඔබ ඉල්ලා සිටින ලද තොරතුරු ඔබ වෙත ලබා දෙනු ඇත.
- තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව ,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරිම.
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමක් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම
- පනත මඟින් නිචිතවම දක්වා ඇති කාල සීමාන්ට අනූකූල නොවීම
- සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම
- වැඩිපුර ගාස්තු අය කිරීම
- ඉල්ලා සිටිනු ලබන ආකෘත්‍රිෙයන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරීයා ප්‍රතික්ෂේප කිරීම
- එම7 තොරතුරු වෙත එම පුරුවැසියා ප්‍රෙව්ශවීම වැළැක්වීමට සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවැතීමමත අතෘප්තියට පත්වන්නේ නම් , පහත නම් සඳහන් කළ නිලධාරීයා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම :ආර්.බි.එන්.ආර්.ප්‍රියශාන්ත මහතා
තනතුර : ප්‍රාදේශීය ලේකම්
ලිපිනය :-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෙවනගල
සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය :+0940472 280067
ෆැක්ස් :+094 047 228 80038
විද්‍යුත් ලිපිනය :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම
- නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නිම කරනු ලබන කාලසීමාව තුළ එකි නිලධාරීයාගෙන් තිරණයක් ලබා ගැනීමට අසමත්වීම මත ඕනැම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙත මෙකී රිති වල දැක්වෙන සම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මඟින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
- අභියාචනාය කොමිඹන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර , පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මඟින් ලබාදීය හැකිය.
- අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 02 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
- එබඳු අභියාචනයක් , සත්‍ය පිටපත් බවට තමන් විසින්ම සහතික කළ පහත සඳහන් ලියකියවිලි සමඟ ඉදිරිපත් කල යුතුය.
- පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලිමේ පිටතක්
- තොරතුරු නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
- පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිඳුකළ අබියාචනයේ පිටපතක්.
- නම් කළ නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
- අභියාචක විසින් සුදුසු යැයි හැගෙන , ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත් ඒවායේ සුචියක් සමඟ.
- අභියාචනයක් අබියාචනාවක විසින් පිටපත් දෙකකින් යුතුව යොමුකළ යුතය.
- රිති (1-5) මඟින් දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් නොපිලි ගනු ඇත.
මහින්ද ගම්මන්පිල
සභාපති
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07
දුරකථන අංකය. +94 11 2691625/sliders}
- 1. අයදුම්පත් ගාස්තු
- කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදුකිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් සැපයීමේදී කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය
- තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අයනොකළ යුතුය
- 2. තොරතුරු සඳහා ගාස්තු
අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරියක් විසින් අයකරනු ලැබිය හැකිය.
(i)ඡායාපිටපත් ගැනීම :
(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසිය සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකෙරේ.
(ii) මුද්‍රිත පිටපතක් ලබාගැනීම(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු8/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසියක සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අය කෙරේ.(iii) තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු.20/- බැගින් අයකෙරේ.
(iv) පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම සඳහා සැබෑ වියදම අයකෙරේ.
(v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .(v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .
(vi) නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
(vii) ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකොර්.
- 3. චක්‍රලේඛ හෝ රීති වශයෙන් මීට පෙර නියම කල හෝ නිකුත් කල ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදුඅදිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.
මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කලයුතු අභියාචනයකට විෂය විය හැකිය.
4.ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු :
(1) ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර් ගත හෝ සකසන ලද ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.
(2) සාමාන්‍යෙයන් ගාස්තුවකින් තොරව ලබා දිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.- 5. ගාස්තු ගෙවීමේ ක්‍රමය :
- මෙකී රීති වලට අන් තැනෙක කුමක් සඳහන් වුවද, පොදු අධිකාරයට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අයකළ හැකිය.
- තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
- පොදු අධිකාරියේ ගිණුම් නිලධාරයා වෙත යොමු කල බැංකු අණකරයක් මගින්
- ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාලව රිසිට්පතක් නිකුත් කළ යුතුය.















