**ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් පෝෂණ වැඩසටහන **
--------------------------------------------------------------------
ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් පෝෂණ වැඩසටහන සෙවනගල කොට්ඨාසයේ මෙහෙයුම් කමිටුව පිහිටුවිම හා 2023/11/21 දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම පිළිබඳ කොට්ඨාසයේ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන 2023/11/23 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය අධ්යක්ෂ සැලසුම්, සත්ව සංවර්ධන උපදේශක , කෘෂිකර්ම උපදේශක, කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් සංවර්ධන නිලධාරී , වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ද සහභාගි විය .
















