" ප්‍රාදේශීය ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2025"

සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ මගපෙන්වීම ‍යටතේ කාර්යාලයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2025-04-03 වන දින සෙවනගල සීනි ආයතන ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වනු ලැබීය. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කාර්යමණ්ඩලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් පිරිමි කණ්ඩායම් 4ක් හා කාන්තා කණ්ඩායම් 4ක්, පිරිමි හා කාන්තා ශූරතාවන් වෙනුවෙන් තරඟවැදුනි. පිරිමි කණ්ඩායම් ලෙස ප්‍රාදේශීය ලේකම් තුමාගේ නායකත්වයෙන් Warriors කණ්ඩායමත්, ගණකාධිකාරී තුමන්ගේ නායකත්වයෙන් Royals කණ්ඩායමත්, සමෘද්ධි මූලස්ථාන කළමනාකාර තුමන්ගේ නායකත්වයෙන් Gladiators කණ්ඩායමත් හා මානව සම්පත් සංවර්ධන නිලධාරී තුමන්ගේ නායකත්වයෙන් Challengers කණ්ඩායමත් වශයෙන් තරඟවැදුනු අතර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ කණ්ඩායම තරඟාවලියේ පිරිමි ශූරතාවය දිනාගත් අතර අනුශූරතාවය මානව සම්පත් සංවර්ධන නිලධාරී තුමාගේ කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ නායකත්වයෙන් Gladiators කණ්ඩායමත්, පරිපාලන නිලධාරී තුමියගේ නායකත්වයෙන් Challengers කණ්ඩායමත්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ තුමියගේ නායකත්වයෙන් Warriors කණ්ඩායමත් හා ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරී තුමියගේ Royals නායකත්වයෙන් කණ්ඩායමත් කාන්තා ශූරතාවය වෙනුවෙන් තරඟවැදුන අතර පරිපාලන නිලධාරී තුමියගේ කණ්ඩායම කාන්තා ශූරතාවය දිනාගනු ලැබුවා. අනු ශූරතාවය ප්‍රධාන කළමනාකාර සේවා නිළධාරී තුමියගේ කණ්ඩායම දිනාගනු ලැබීය. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා කුසලාන හා ත්‍යාග ප්‍රදානය ප්‍රාදේශීය ලේකම් තුමා හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය අතින් සිදුකරනු ලැබීය.

 

 

"තැනුමට තිරසර හෙටක්, සවිමත් ආදායමේ මගක්" ප්‍රාදේශීය කාන්තා දින සැමරුම - සෙවනගල.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය විසින් 2025/03/10 දින "තැනුමට තිරසර හෙටක්, සවිමත් ආදායමේ මගක්" තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් උත්සවය හා අළෙවි පොළ සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමන්ගේ ප්‍රධානත්වයෙන්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ තුමිය, පරිපාලන නිලධාරී තුමිය, සෙවනගල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය තුමිය, සෙවනගල පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය, කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී මහත්මීන් ඇතුළු කාර්යාලීය නිලධාරී මහත්මීන් හා ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
 
 
වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන 2025
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2025.02.28 වන දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම කර්තව්‍යය මගින් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව සඳහා අවශ්‍ය රුධිරය ලබාදීම සිදු විය. මොනරාගල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය තුමන්, හෙද නිලධාරි මහත්මීන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් විසින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමේ කටයුතු සිදුකරන ලදි. කාර්යාල නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී රුධිර පරිත්‍යාගශීලීන් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් හට සමරු තිලිණ පිරිනැමීම ද සිදුකරන ලදි.
 
 

News & Events

19
ඔක්2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

Scroll To Top