ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
*සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
------------------------------------------------------------------------
තණමල්විල හා සෙවනගල ප්‍රාදේශීය කමිටු සම්බන්ධීකරණ සභාපති ගරු වෛද්‍ය ගයාශාන් නවනන්ද මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023.11.10 වන දින සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.30 ට පැවැත්විණි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන් ප්රමුඛ රාජ්‍ය නිලධාරින් ඊට සහභාගී වූහ..




2023 වැඩිහිටි දින සැමරුම් උළෙල
"සුවපත් වැඩිහිටි දිවියක් උදෙසා විශ්වීය හිමිකම් පරපුරෙන් පරපුරට" තේමාව කරගනිමින් 2023 වැඩිහිටි දින සැමරුම් උළෙල සෙවනගල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජික ජේෂ්ඨ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් 2023.10.06 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විවිධ කලා හැකියාවන්ගෙන් පිරිපුන් වැඩිහිටි මව්වරුන් පියවරුන්ගේ ගායන ,නර්තන, නාට්‍ය සහ විරිදු වැනි කලාංග රැසක් ඊට අන්තර්ගත වී තිබිණි.
සෙවනගල කොට්ඨාසයේ වැඩිහිටි බල මණ්ඩලයේ ආරාධනය පරිදි මොණරාගල දිස්ත්රිරික් පාර්ලිමේන්තු මන්ත්‍රි , සෙවනගල ,තණමල්විල ප්‍රාදේශීය සම්බධීකරණ සභාපති ගරු වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමා , සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම් යමුනා බන්ධුල මැතිනිය,ගණකාධිකාරි චතුර මධුෂංක මැතිතුමා ,නියෝජ්‍ය අධයක්ෂ සැලසුම් එන්.පී.එන් ධර්මප්‍රිය මැතිතුමා ,පරිපාලන නිලධාරි දුලානි හෙට්ටිආරච්චි මැතිනිය, කළමනාකාරතුමිය ,මහජන බැංකුව, නියෝජය විදුහල්පති ,හබරලුවැව මහා විද්‍යාලය යන ආරාධිත අමුත්තන් මේ අවස්ථා වට සහභාගි වූහ.






ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර බෙදා දීමේ වැඩසටහන 2023.09.25
------------------------------------------------------------------
රජයේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සෙවනගල ගොවි පාන්තික ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරනු වස්, දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදා දීම මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සෙවනගල හා තණමල්විල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමා සහ සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.25 දින සෙවනගල මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.මේ සදහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ .පී ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා , කිරිබ්බන්වැව මහවැලි කොට්ඨාස කළමනාකාරතුමිය කේ.පී.එන් ඩී පතිරණගේ මහත්මිය, සෙවනගල සහකාර ප්‍රාදේශීය ලේකම් යමුනා බන්ධුල මහත්මිය, නියෝජ්‍ය අධයක්ෂ සැලසුම් එන්.පී.එන් ධර්මප්‍රිය මහතා හා සෙවනගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී උදයානන්ද මහතා යන නිලධාරී මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් හිමි මෙතෙක් බලපත්‍ර හෝ දීමනා පත්‍ර නොලද 228 දෙනෙකුට මෙම දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදා දීම සිදු කෙරිණි.






"තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන "
"තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන "
කෘෂි කර්මාන්තය වෙත උනන්දුවක් දක්වන මෙරට තරුණ ප්‍රජාව ජාතික නිෂ්පාදනයේ කොටස්කරුවන් බවට පත් කරමින් මෙරට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ මූලික අරමුණින් " තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන " මොනරාගල දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනුනු එකම ග්‍රාම නිළධාරී වසම වන සෙවනගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නුගේගලයාය ග්‍රාම නිළධාරී වසමට අදාල ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ.පී ජගත් පුෂ්ප කුමාර මැතිතුමා ,අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා ,මොනරාගල දිස්ත්‍රික් කමිටු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස් .බී. රත්නායක මැතිතුමා සහ සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023.09.18 වන දින ආරම්භ කරන ලදි.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහි කිරීම,නවීන කෘෂි තාක්ෂණික උපක්‍රම හා මෙවලම් ග්‍රාමිය ප්‍රදේශ වෙත හඳුන්වාදෙමින් තරුණ කෘෂි ව්‍යවසායකයින් කෘෂි බෝග නිෂ්පාදනය හා අපනයනය වෙත යොමු කිරීම, සත්ව පාලනය හා ඒ ආශ්රිත නිෂ්පාදන ආරම්භ කිරිම හා නව රැකිය අවස්ථා උත්පාදනය කිරීම තුලින් ආර්ථික වශයෙන් ශක්තිමත් තරුණ කෘෂි ප්‍රජාවක් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අරමුණු වේ.
මෙම වැඩසටහන යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් කෘෂි මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත ය. එමෙන්ම අනෙකුත් ආයතන මගින් අතිරේක බෝග වගාව,පහත රට එලවලු වගාව,කුරක්කන් වගාව,බිම්මල් වගාව,ගෙවතුවගා සංවර්ධනය ,සත්ව පාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ලබා දීමට ද සැලසුම් කර ඇත.
මෙහි සමාරම්භක අදියර සඳහා සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශය ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ,හදබිම අධිකාරිය ,පොල් සංවර්ධන අධිකාරිය ,පොල් වගා කිරීමේ මණ්ඩලය,සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව ,කෘෂි අංශ නවීකරණය ව්‍යාපෘතිය ,SAP ආයතනය යන ආයතන මගින් මෙම ප්‍රදේශයේ ගොවි ප්‍රජාවගේ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය කෘෂි උපකරණ ,බීජ කට්ටල, පැල වර්ග හා කුකුල් පැටවුන් බෙදා දීම ද මෙදින සිදුකරන ලදි.
























