75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නුගේගලයාය ග්රාම නිලධාරී වසමේ, නුගේගලයාය ප්රජා ශාලාව හා සේවා පියස ආශ්රිතව පවත්වනු ලැබූ ශ්රමදාන වැඩසටහන 2023.01.31 වන දින ග්රාමීය ආරථික පුනර්ජීවන කමිටු සාමාජික සාමාජිකාවන් හා ප්රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. ප්රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී මහතා විසින් කටයුතු සංවිධානය කර තිබුණි.

"එක්සත්ව එක්සිත්ව සවිමත්ව වසංගතයට අභියෝග කළ මිනිසත් බවට පිදෙන උත්තමාචාර උපහාර උළෙල"
සෙවනගල ප්රාදේශිය ලේකම් කාර්යාලයේදි 2022.01.29 දින ප්රාදේශිය ලේකම් තුමාගේ හා පාර්ලිමේන්තු මන්ත්රි ගරු ගයාශාන් නවනන්දන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ග්රාමිය කමිටු නායකයින් වෙත කොවිඩ් වසංගතය හමුවේ කල මෙහෙය වෙනුවෙන් ඇගයිම් හා සහතිකපත් බේදා දිම සෙවනගල ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දි පැවැත්විණි.



ඔබත් සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි, රජය විසින් ක්රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ මහජනාධාර ආදී වූ කුමන හෝ සුබසාධක ප්රතිලාභ ක්රමයක් යටතේ දැනටමත් ප්රතිලාභ ලබන තැනැත්තෙක් නම් හෝ ලැබිය යුතු තැනැත්තෙක් යැයි ඔබ සිතන්නේ නම් පහත සඳහන් ආකෘතියට අනුකූලව පිළියෙල කළ අයදුම්පතක්, ඔබ ස්ථීරව පදිංචි ප්රදේශයේ ග්රාම නිලධාරි/ සමෘද්ධි සංවර්ධන නිලධාරි/ සමාජ සේවා නිලධාරි/ වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරි විසින් කරනු ලබන සහතික කිරීමක් සහිතව සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය වෙත 2022 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරන්න.
















