**ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් පෝෂණ වැඩසටහන **
--------------------------------------------------------------------
ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් පෝෂණ වැඩසටහන සෙවනගල කොට්ඨාසයේ මෙහෙයුම් කමිටුව පිහිටුවිම හා 2023/11/21 දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම පිළිබඳ කොට්ඨාසයේ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන 2023/11/23 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම්, සත්ව සංවර්ධන උපදේශක , කෘෂිකර්ම උපදේශක, කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් සංවර්ධන නිලධාරී , වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ද සහභාගි විය .
404958211 664828372404092 6671720923405770202 n
405521705 664828472404082 4979461708587777401 n
"සුවපත් වැඩිහිටි දිවියක් උදෙසා විශ්වීය හිමිකම් පරපුරෙන් පරපුරට" තේමාව කරගනිමින් 2023 වැඩිහිටි දින සැමරුම් උළෙල සෙවනගල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජික ජේෂ්ඨ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් 2023.10.06 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විවිධ කලා හැකියාවන්ගෙන් පිරිපුන් වැඩිහිටි මව්වරුන් පියවරුන්ගේ ගායන ,නර්තන, නාට්‍ය සහ විරිදු වැනි කලාංග රැසක් ඊට අන්තර්ගත වී තිබිණි.
සෙවනගල කොට්ඨාසයේ වැඩිහිටි බල මණ්ඩලයේ ආරාධනය පරිදි මොණරාගල දිස්ත්‍රිරික් පාර්ලිමේන්තු මන්ත්‍රි , සෙවනගල ,තණමල්විල ප්‍රාදේශීය සම්බධීකරණ සභාපති ගරු වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමා , සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම් යමුනා බන්ධුල මැතිනිය,ගණකාධිකාරි චතුර මධුෂංක මැතිතුමා ,නියෝජ්‍ය  අධයක්ෂ සැලසුම් එන්.පී.එන් ධර්මප්‍රිය මැතිතුමා ,පරිපාලන නිලධාරි දුලානි හෙට්ටිආරච්චි මැතිනිය, කළමනාකාරතුමිය ,මහජන බැංකුව, නියෝජය විදුහල්පති ,හබරලුවැව මහා විද්‍යාලය යන ආරාධිත අමුත්තන් මේ අවස්ථා වට සහභාගි වූහ.
386351994 640163574870572 1173745596768177924 n
386358928 640163714870558 1286852405852303138 n
385318877 640163964870533 3215368987362074066 n
386737477 640163751537221 4611370790136289392 n
386742888 640164004870529 1703205375305533418 n
385256030 640164068203856 6217774473409498081 n
 
*සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
------------------------------------------------------------------------
තණමල්විල හා සෙවනගල ප්‍රාදේශීය කමිටු සම්බන්ධීකරණ සභාපති ගරු වෛද්‍ය ගයාශාන් නවනන්ද මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023.11.10 වන දින සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.30 ට පැවැත්විණි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ඊට සහභාගී වූහ..
401113969 659440596276203 1751807585668249812 n
401144951 659440622942867 5535634682613247337 n
401089768 659440702942859 2857292844151645361 n
401106750 659440659609530 5186162736742442734 n
------------------------------------------------------------------
රජයේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සෙවනගල ගොවි පාන්තික ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරනු වස්, දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදා දීම මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සෙවනගල හා තණමල්විල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමා සහ සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.25 දින සෙවනගල මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.මේ සදහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ .පී ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා , කිරිබ්බන්වැව මහවැලි කොට්ඨාස කළමනාකාරතුමිය කේ.පී.එන් ඩී පතිරණගේ මහත්මිය, සෙවනගල සහකාර ප්‍රාදේශීය ලේකම් යමුනා බන්ධුල මහත්මිය, නියෝජ්ය අධයක්ෂ සැලසුම් එන්.පී.එන් ධර්මප්රිය මහතා හා සෙවනගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී උදයානන්ද මහතා යන නිලධාරී මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් හිමි මෙතෙක් බලපත්‍ර හෝ දීමනා පත්‍ර නොලද 228 දෙනෙකුට මෙම දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදා දීම සිදු කෙරිණි.
381423486 634811295405800 7210013943735156743 n
383209235 634811622072434 4219003973361641388 n
380279711 634811525405777 6247238709152492311 n
383158116 634811842072412 2208095544209612398 n
381182829 634811918739071 5684014919813931628 n
383383609 634811742072422 611121124797943261 n
 
Scroll To Top