බැති ගී අමා - 2025
පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ පැවති "බැති ගී අමා" පොසොන් බැති ගී වැඩසටහන 2025/06/11 දින පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන සංවිධානය කළ අතර කාර්‍යාලයේ සියළුම අංශ නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කළ අංගයන්ගෙන් වැඩසටහන සමන්විත විය.




















ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ, තෝරාගත් ප්‍රතිලාභී පවුල් 6ක් අතරින් සෙවනගල ග්‍රාම නිලාධාරි වසමේ නන්දාවති මහත්මියගේ නිවස ඉදිකිරීම සදහා සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි මස 5 වන දින සුභ මොහොතින් මුල්ගල් තබන ලදි. 





සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බක්මහ උදානය 2025.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමයේ ඉල්ලීම මත සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමන්ගේ උපදෙස් පරිදි කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2025 බක්මහ උදානය 2025/05/01 දින කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි. අලුත් අවුරුදු ජන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් බොහෙමයක් මෙන්ම සිඟිති අවුරුදු කුමරා, කුමරිය තේරීමද සිදු කෙරුණි. තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානයද සිදු කරන ලදි.































ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනයට සමගාමීව සමෘද්ධි සමාජ සංවර්ධන කොඩි අරමුදල මගින් සෙවනගල කොට්ඨාසයේ ප්‍රජාමූල සංවිධාන සාමාජික පවුල්වල දරුවන් සඳහා පාසල් පොත් ලබා දීමේ වැඩසටහන 2025.05.29 දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සෙවනගල සමෘද්ධි මූලස්ථාන කළමනාකාර තුමන් ඇතුළු සමෘද්ධි අංශයේ නිලධාරීන් මෙන්ම වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ප්‍රතිලාභී දරු දැරියන් හා ඔවුන්ගේ දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගී විය.







" ප්‍රාදේශීය ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2025"
සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ මගපෙන්වීම යටතේ කාර්යාලයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2025-04-03 වන දින සෙවනගල සීනි ආයතන ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වනු ලැබීය. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කාර්යමණ්ඩලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් පිරිමි කණ්ඩායම් 4ක් හා කාන්තා කණ්ඩායම් 4ක්, පිරිමි හා කාන්තා ශූරතාවන් වෙනුවෙන් තරඟවැදුනි. පිරිමි කණ්ඩායම් ලෙස ප්‍රාදේශීය ලේකම් තුමාගේ නායකත්වයෙන් Warriors කණ්ඩායමත්, ගණකාධිකාරී තුමන්ගේ නායකත්වයෙන් Royals කණ්ඩායමත්, සමෘද්ධි මූලස්ථාන කළමනාකාර තුමන්ගේ නායකත්වයෙන් Gladiators කණ්ඩායමත් හා මානව සම්පත් සංවර්ධන නිලධාරී තුමන්ගේ නායකත්වයෙන් Challengers කණ්ඩායමත් වශයෙන් තරඟවැදුනු අතර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ කණ්ඩායම තරඟාවලියේ පිරිමි ශූරතාවය දිනාගත් අතර අනුශූරතාවය මානව සම්පත් සංවර්ධන නිලධාරී තුමාගේ කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ නායකත්වයෙන් Gladiators කණ්ඩායමත්, පරිපාලන නිලධාරී තුමියගේ නායකත්වයෙන් Challengers කණ්ඩායමත්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ තුමියගේ නායකත්වයෙන් Warriors කණ්ඩායමත් හා ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරී තුමියගේ Royals නායකත්වයෙන් කණ්ඩායමත් කාන්තා ශූරතාවය වෙනුවෙන් තරඟවැදුන අතර පරිපාලන නිලධාරී තුමියගේ කණ්ඩායම කාන්තා ශූරතාවය දිනාගනු ලැබුවා. අනු ශූරතාවය ප්‍රධාන කළමනාකාර සේවා නිළධාරී තුමියගේ කණ්ඩායම දිනාගනු ලැබීය. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා කුසලාන හා ත්‍යාග ප්‍රදානය ප්‍රාදේශීය ලේකම් තුමා හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය අතින් සිදුකරනු ලැබීය.













































