බැති ගී අමා - 2025

පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ පැවති "බැති ගී අමා" පොසොන් බැති ගී වැඩසටහන 2025/06/11 දින පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන සංවිධානය කළ අතර කාර්‍යාලයේ සියළුම අංශ නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කළ අංගයන්ගෙන් වැඩසටහන සමන්විත විය.


ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනයට සමගාමීව සමෘද්ධි සමාජ සංවර්ධන කොඩි අරමුදල මගින් සෙවනගල කොට්ඨාසයේ ප්‍රජාමූල සංවිධාන සාමාජික පවුල්වල දරුවන් සඳහා පාසල් පොත් ලබා දීමේ වැඩසටහන 2025.05.29 දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සෙවනගල සමෘද්ධි මූලස්ථාන කළමනාකාර තුමන් ඇතුළු සමෘද්ධි අංශයේ නිලධාරීන් මෙන්ම වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ප්‍රතිලාභී දරු දැරියන් හා ඔවුන්ගේ දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගී විය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ, තෝරාගත් ප්‍රතිලාභී පවුල් 6ක් අතරින් සෙවනගල ග්‍රාම නිලාධාරි වසමේ නන්දාවති මහත්මියගේ නිවස ඉදිකිරීම සදහා සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි මස 5 වන දින සුභ මොහොතින් මුල්ගල් තබන ලදි.

 

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බක්මහ උදානය 2025.

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමයේ ඉල්ලීම මත සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමන්ගේ උපදෙස් පරිදි කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2025 බක්මහ උදානය 2025/05/01 දින කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි. අලුත් අවුරුදු ජන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් බොහෙමයක් මෙන්ම සිඟිති අවුරුදු කුමරා, කුමරිය තේරීමද සිදු කෙරුණි. තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානයද සිදු කරන ලදි.

 

 

 

 

 

 

 

 

News & Events

19
Oct2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

Scroll To Top