මොණරාගල දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ රැස්විම අද දින (2023.05.11)  සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ. එයට සමගාමිව මොණරාගල දිස්ත්‍රික්කයේ මහ දිසාපතිතුමාගේ මග පෙන්විම යටතේ  කාර්යාල පරික්ෂණයද පැවැත්වේ.

WhatsApp Image 2023 05 10 at 21.47.56 1

WhatsApp Image 2023 05 10 at 21.47.57

WhatsApp Image 2023 05 10 at 21.47.56

WhatsApp Image 2023 05 10 at 21.47.59

 

 

 

අවුරුදු කැවිලි පොළ - 2023 
 
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී රස කැවිලි පොළක් 2023-04-12 වන දින පවත්වනු ලැබුවා. සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මගපෙන්වීම පරිදි සංස්කෘතික අංශය  මගින් සංවිධානය කළ අතර ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් විසින් පිළියෙල කළ රස කැවිලි අළෙවිය සිදුකරනු ලැබීය. 
WhatsApp Image 2023 04 19 at 10.26.47 AMWhatsApp Image 2023 04 19 at 10.26.46 AM
WhatsApp Image 2023 04 19 at 10.26.44 AM

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නුගේගලයාය ග්‍රාම නිලධාරී වසමේ, නුගේගලයාය ප්‍රජා ශාලාව හා සේවා පියස ආශ්‍රිතව පවත්වනු ලැබූ ශ්‍රමදාන වැඩසටහන 2023.01.31 වන දින ග්‍රාමීය ආරථික පුනර්ජීවන කමිටු සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී මහතා විසින් කටයුතු සංවිධානය කර තිබුණි.

2DCAD2AD C32A 4FC8 AAB2 F24336AC7062

පසුගිය 10, 11 දෙදින 2023 SED Super Fair වෙළඳ හා අලෙවි ප්‍රදර්ශනය  අති සාර්ථක ලෙස සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පවත්වනු ලැබීය. 
 
ව්‍යවසායකයින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කර තිබුනි. සහභාගී වූ ව්‍යවසායකයින්ට ඉහළ දෛනික ආදායමක් මෙන්ම අලෙවි සබඳතා ගොඩ නගා ගැනීම් ඇතුලුව අලෙවි  අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ද හැකිවිය. අලෙවි ප්‍රදර්ශනයේ සමස්ත ආදායම 472,000/- ඉක්මවා තිබුනි. 
 
සෙවනගල ප්‍රාදේශීය ලේකම්තුමාගේ  මූලිකත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර ප්‍රාදේශීය ලේකම් තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරින් විසින්  වෙළඳ කුටි වෙත ගොස් ව්‍යවසායකයින්ගේ ගැටලු විමසමින් ඔවුන් දිරිමත් කරන ලදී. සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් මෙය සංවිධානය කරන ලදී.
WhatsApp Image 2023 04 19 at 10.27.08 AM      
WhatsApp Image 2023 04 19 at 10.27.09 AM
WhatsApp Image 2023 04 19 at 10.27.08 AM 1
 
Scroll To Top