දිසාපති අභියෝගතා නෙට්බෝල් සහ ක්‍රිකට් තරඟාවලිය 2025
මොනරාගල දිසාපති අභියෝගතා නෙට්බෝල් සහ ක්‍රිකට් තරඟාවලිය 2025.08.07 වන දින බුත්තල යුධ හමුදා විද්යායතන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එම තර්ඟාවලිය සඳහා සහභාගී වූ සෙවනගල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යාලයීය නෙට්බෝල් කණ්ඩායම තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි. නෙට්බෝල් කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්....!



"සොඳුරු සංස්කෘතික දරුවා" ළමා කතන්දර පොත් නිර්මාණ කරන වැඩමුළුව.
ඌව පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම යටතේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කළ "සොඳුරු සංස්කෘතික දරුවා" ළමා කතන්දර පොත් නිර්මාණ කරන වැඩමුළුව පසුගියදා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. සංස්කෘතික කටයුතු සංවර්ධන නිලධාරී ධනංජය බස්නාගොඩ, චිත්ර ගුරු දර්ශන ඡායා යන මහත්වරු සම්පත් දායකත්වය ලබා දුන් අතර කොට්ඨාසයේ පාසල් බොහොමයක පාසල් දරු දැරියන් වැඩසටහන සඳහා සහභාගී විය.





සෙවනගල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණය - 2025
සෙවනගල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණ 2025.07.19 දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාරයාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . සෙවනගල ප්‍රාදේශීයලේකම් නයන රංජිත්‍ප්‍රියශාන්ත මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව කාර්යාලයේ තරුණ සේවා නිලධාරී අතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩසටහන සඳහා දිස්ත්රික් තරුණ සේවා නිලධාරී තරුණ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් තරුණ කටයුතු සම්බන්ධීකාරක, තණමල්විල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්, ප්‍රරධාන කළමනාකරන සේවා නිලධාරි තුමිය, යෞවන සමාජ නියෝජනය කරමින් පැමිණි නිල මඩුල්ල සහ තරුණ තරුණියන් සහභාගි විය.
























