"තැනුමට තිරසර හෙටක්, සවිමත් ආදායමේ මගක්" ප්රාදේශීය කාන්තා දින සැමරුම - සෙවනගල.
සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලය හා ප්රාදේශීය කාන්තා බල මණ්ඩලය විසින් 2025/03/10 දින "තැනුමට තිරසර හෙටක්, සවිමත් ආදායමේ මගක්" තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ ප්රාදේශීය කාන්තා දින සැමරුම් උත්සවය හා අළෙවි පොළ සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැති තුමන්ගේ ප්රධානත්වයෙන්, සහකාර සැලසුම් අධ්යක්ෂ තුමිය, පරිපාලන නිලධාරී තුමිය, සෙවනගල ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය තුමිය, සෙවනගල පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය, කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී මහත්මීන් ඇතුළු කාර්යාලීය නිලධාරී මහත්මීන් හා ප්රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
 
 
වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන 2025
සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2025.02.28 වන දින සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන ලදි. සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම කර්තව්යය මගින් මොනරාගල දිස්ත්රික් රෝහලේ රුධිර බැංකුව සඳහා අවශ්ය රුධිරය ලබාදීම සිදු විය. මොනරාගල දිස්ත්රික් රෝහලේ වෛද්ය තුමන්, හෙද නිලධාරි මහත්මීන් ඇතුළු අනෙකුත් සෞඛ්ය කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් විසින් රුධිර පරිත්යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමේ කටයුතු සිදුකරන ලදි. කාර්යාල නිලධාරීන්, ප්රදේශයේ රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු ප්රදේශවාසී රුධිර පරිත්යාගශීලීන් රුධිරය පරිත්යාග කිරීමට ඉදිරිපත්ව සිටි අතර රුධිර පරිත්යාගශීලීන් හට සමරු තිලිණ පිරිනැමීම ද සිදුකරන ලදි.
 
 

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 77 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය සෙවනගල, හබරළුවැව ශ්‍රී චන්දිමාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි. පෙර දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව, නිදහස් දින සැමරුම් උත්සවය පසුදා උදෑසන පැවැත්වූ අතර රුක් රෝපණ වැඩසටහනක් හා මහා සංඝරත්නය උදෙසා දහවල දානමය පිංකමක් ද පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහන් මාලාව සඳහා හබරළුවැව ශ්‍රී චන්දිමාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය, මහවැලි අධිකාරියේ සෙවනගල කොට්ඨාස කළමනාකාර තුමිය, ශ්‍රී චන්දරතන දහම් පාසල් දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගි විය.

 

Scroll To Top