"දැය නංවන සපිරි ගමක්" ප්රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්යාපෘතියෙහි ගම්මානය එළිදැක්වීමේ මොණරාගල දිස්ත්රික්කයේ නිල දිස්ත්රික් වැඩසටහන සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හබරුගල වසමේ, රන්වැලිගම ගම්මානයේදී 2026.03.16 දින සාර්ථකව පවත්වන ලදි. මොනරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්ය අමාත්ය ආර්.එම්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වැඩසටහන සඳහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නය, සෙවනගල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, මොනරාගල දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මැතිතුමිය, තණමල්විල ප්රාදේශීය සභාවේ ගරු සභාපති සී.එච්.ඒ.සී.සී. කුමාර මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන්, මොනරාගල මහ දිසාපති ඒ.ජී. නිශාන්ත මැතිතුමා, සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැතිතුමා ඇතුළුව විවිධ රාජ්ය ආයතන නියෝජනය කරමින් සපැමිණි රාජ්ය නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්රදේශවාසී ජනතාව සහභාගී විය. මොනරාගල දිස්ත්රික් ලේකම් තුමන්ගේ උපදෙස් පරිදි සෙවනගල ප්රාදේශීය ලේකම් තුමන්ගේ නිරන්තර මගපෙන්වීම යටතේ සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශය හා කාර්යාලයේ නිලධාරීන් එක්ව උත්සවය සංවිධානය කරන ලදි.





















"රිදී තීරයේ ගීතාලංකාර ගොමුව"
පෑල දිග සඳ - 2026
සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද "පෑලදිග සඳ " ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස 2026 පෙබරවාරි මස 13 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මීට වසර හයකට පෙර පොඩි පැදුරු සාජ්ජයක් ලෙස ආරම්භ කරන ලද පෑල දිග සඳ දැවැන්ත වේදිකාවක ගෙනහැර පාන්නට ප්‍රාදේශීය ලේකම් තුමා විශාල ශක්තියක් විය. මොහොතකට රාජකාරි පරිසරයෙන් මිදී කාර්යාලයේ නිලධාරීන්ගේ ගායන, නර්තන හැකියාවන් විදහා පාන්නට තෝතැන්නක් විවර කර දෙමින් මෙම ප්‍රසංගය මෙවර "රිදී තීරයේ ගීතාලංකාර ගොමුව" මැයෙන් චිත්රපට ගීතයෙන් රසගැන්විණි. ප්‍රාදේශීයලේකම් තුමන්ගේ පූර්ණ මගපෙන්වීමෙන් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කළ ප්‍රසංගය විරන්ත සංජීව ප්රමුඛ වාද්ය වෘන්දයේ සංගීතයෙන් රස ගැන්වුණු අතර DJ Michi ආලෝකකරණයෙන් වර්ණවත් විය. ප්රසංගය සාර්ථක කර ගනීමට නන් අයුරින් සහය දුන් සැමට ස්තූතිය පුදකරමු.

































2026 නව වසරේ රාජකාරි ආරම්භය
2026 නව වසරේ සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භය ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සනිටුහන් කරන ලදි.























