"රිදී තීරයේ ගීතාලංකාර ගොමුව"
පෑල දිග සඳ - 2026
සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත  මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද "පෑලදිග සඳ " ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස 2026 පෙබරවාරි මස 13 වන දින සෙවනගල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මීට වසර හයකට පෙර පොඩි පැදුරු සාජ්ජයක් ලෙස ආරම්භ කරන ලද පෑල දිග සඳ දැවැන්ත වේදිකාවක ගෙනහැර පාන්නට ප්‍රාදේශීය ලේකම් තුමා විශාල ශක්තියක් විය. මොහොතකට රාජකාරි පරිසරයෙන් මිදී කාර්යාලයේ නිලධාරීන්ගේ ගායන, නර්තන හැකියාවන් විදහා පාන්නට තෝතැන්නක් විවර කර දෙමින් මෙම ප්‍රසංගය  මෙවර "රිදී තීරයේ ගීතාලංකාර ගොමුව" මැයෙන් චිත්රපට ගීතයෙන් රසගැන්විණි. ප්‍රාදේශීයලේකම් තුමන්ගේ පූර්ණ මගපෙන්වීමෙන් කාර්යාලීය සුභසාධක සංගමය මගින් සංවිධානය කළ ප්‍රසංගය විරන්ත සංජීව ප්රමුඛ වාද්ය වෘන්දයේ සංගීතයෙන් රස ගැන්වුණු අතර DJ Michi ආලෝකකරණයෙන් වර්ණවත් විය. ප්රසංගය සාර්ථක කර ගනීමට නන් අයුරින් සහය දුන් සැමට ස්තූතිය පුදකරමු.
 
 
 
 
 
 
 

2026 නව වසරේ රාජකාරි ආරම්භය

2026 නව වසරේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භය ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සනිටුහන් කරන ලදි.

ආපදා සහන සේවා වැඩසටහන - සෙවනගල
සෙවනගල ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැති තුමන්ගේ මග පෙන්වීම හා සෘජු මැදිහත් වීම සමගින් සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ආපදා සහන සේවා කමිටුව, මහා සංඝරත්නය ප්රමුඛ කොට්ඨාසයේ බෞද්ධ විහාරස්ථාන හා ස්වේච්ඡා සංවිධාන එක්ව ආරම්භ කළ රට තුල ඇති වූ දරුණු ආපදා තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ අපේම සහෝදර ජනතාව සඳහා ද්රව්යමය ආධාර ලබා දීමේ වැඩසටහන සඳහා කොට්ඨාසයේ පරිත්යාගශීලී ජනතාවගෙන් 2025/12/01 දින විශාල භාණ්ඩ ප්රමාණයක් ලැබුණි. ඒ අනුව, බදුල්ල දිස්ත්රික්කයේ මහියංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූ ජනතාව වෙත ලබා දීම සඳහා ප්රථම භාණ්ඩ තොගය 2025/12/02 දින මහියංගනය ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීමට කටයුතු කරන ලදි . මෙම කර්තව්යය සාර්ථක කරගැනීම සඳහා අප කොට්ඨාසයේ ආදරණීය ජනතාව නන් අයුරින් ලබා දෙන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කආපදා සහන සේවා වැඩසටහන - සෙවනගල

 
 
 
 
 
 
 
 
Scroll To Top