රට තුල ඇති වූ ආපදා තත්වයෙන් විපතට පත්වූ ජනතාව වෙත අවශ්ය සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා කමිටුව ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොට්ඨාසයේ මහා සංඝරත්නය, ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් එක්ව 2025/11/30 වන දින පවත්වන ලද සාකච්ඡාවෙන් අනතුරුව ද්රව්ය ආධාර එක් රැස්කිරීම හා නිවැරදි යාන්ත්රනයක් හරහා ආපදාවට ලක් වූ ජනතාව වෙත බෙදා දීම පිළිබඳව සාකච්ඡා කරන ලදි.




"තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" යන ලෝක ජනාවාස දින තේමාව යටතේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්ය ප්රතිපාදන හා අධීක්ෂණය යටතේ ඉදිකළ සෙවනගල නුගේගලයාය සුමිත් ජයසිංහ මහතාගේ නිවස, සෙවනගල හබරුගල අනූෂා ඉමාලි මහත්මියගේ නිවස හා සෙවනගල නවෝදාගම බී.පී.නන්දාවතී මහත්මියගේ නිවස විවෘත කිරීම 2025.10.05 දින මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, සෙවනගල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරි ගංගානි මැති තුමියගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදි. එක් එක් නිවස සඳහා රු.1,000,000/- බැගින් රු.මි.3ක් මේ සඳහා වැයකර ඇත. මෙම අවස්ථාව සඳහා තණමල්විල ප්රාදේශීය සභාවේ ගරු සභාපති මහේෂ් බණ්ඩාර මැති තුමා ඇතුළු ප්රාදේශීය මන්ත්රීවරුන්, වසම්භාර ග්රාම නිළධාරි,ආර්ථික සංවර්ධන නිළධාරි, නිවාස සංවර්ධන අධිකාරියේ මහත්ම මහත්මීන්, සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්රදේශවාසීන් සහභාගි විය.






ජාතික සාහිත්ය මාසයට සමගාමීව සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන සුභාවිත 2025 සෙවනගල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දින සෙවනගල ජාතික පාසල් ශ්රවනාගාරයේ දී, "සිංහල ගීතයේ රත්න ශ්රීය " මැයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. දශක ගණනාවක් පුරාවට විශිෂ්ඨ කලා නිර්මාණ දායාද කරමින් හෙළ කලාකෙත සුපෝෂණය කරන ආචාර්ය රත්න ශ්රී විජේසිංහයන් ස්වකීය අත්දැකීම් සමග මුසු වූ ගීතාවලියක් සමගින් ප්රේක්ෂකාගාරය ප්රඥාවෙන් ආනන්දයට කැඳවාගෙන ගියහ. සෙවනගල 7කණුව දිල්රුක් කලායතනයේ නර්තන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අපූර්ව නර්තනයෙන් වැඩසටහනේ සමාරම්භය හැඩගැන්වුනු අතර විරන්ත සංජය ප්රමුඛ වාද්ය වෘන්දය සමග ධනුෂ්ක ලක්මාල් හා ශිරෝමි ලක්ෂිකා ගායනයෙන් රසගැන්වූ වැඩසටහනේ පූරක භුමිකාව රුවන් ජානක ගමගේ මහතා විසින් සිදු කරන ලදි. සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුව, ඌව පළාත් සංස්කෘතික කටයුතු අමාත්යාංශය, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය, සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධව පැවැත්වූ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නිරන්තර මග පෙන්වීම සිදු කළ ප්රාදේශීය ලේකම් නයන රංජිත් ප්රියශාන්ත මැති තුමන්, සහකාර ප්රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය, ප්රදේශයේ රාජ්ය බැංකු කළමනාකාර මහත්වරුන්, විදුහල්පති මහත්ම මහත්මීන් , ගුරු භවතුන් හා දූදරුවන්, ප්රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, කලාකරුවන්, අනුග්රාහක භවතුන් ඇතුළු ප්රදේශවාසීන් බොහොමයක් සහභාගී විය. මෙම උත්සවයට සමගාමීව පැවැත් වූ සාහිත්ය තරඟාවලියේ ජයග්රාහකයින් සඳහා තිළිණ හා සහතිකපත් ප්රධානයද සිදු විය.








































